Thursday, May 15, 2025
Home » ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල පිපිරීමක්

ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල පිපිරීමක්

by gayan
December 28, 2023 1:00 am 0 comment

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල පෙරේදා පිපිරීමක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසා තීරයට බෝම්බ ප්‍රහාර එල්ල කිරිම හේතුවෙන් වර්තමානයේ ලොව බොහෝ රටවල යුදෙව් විරෝධී උණුසුමක් පැතිරී ගොස් ඇති බැවින් එම සිදුවීම ඉන්දියාවේ මෙන්ම ඊශ්‍රායලයේ ද දැඩි අවධානයට ලක් වූ බව වැඩිදුරටත් වාර්තා වේ. මේ පිපිරීමෙන් කිසිවකුට හානියක් සිදු නොවූවද, එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බවට සැක කෙරේ. මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීන් සහ ඉන්දීය පොලිසිය ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඊශ්‍රායල තානාපතිවරයාගේ නමට යොමු කරමින් ලියන ලද ලිපියක් පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී පොලිසිය සොයා ගෙන ඇති අතර, එම ලිපිය අපහාසාත්මක අයුරින් ලියා තිබූ බව වාර්තා වේ. පිපිරීමෙන් තානාපති කාර්යාලය අසල නවතා තිබූ මෝටර් රථ කිහිපයකට හානි සිදුවී ඇති අතර, තානාපති කාර්යාලයට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT