401
හමාස් සංවිධානය සමග යුද්ධය මාස ගනනාවක් පවතිනු ඇති බවට අනතුරු අඟවමින් ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ පලස්තීන සරණාගත කඳවුරු වෙත සිය ගොඩබිම් ප්‍රහාරය පුලුල් කර තිබේ.
මෑත දිනවල ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත් සහ මාගාසි කඳවුරුවල පුද්ගලයින් රැසක් මිය ගියේය.
එසේම ඛාන් යුනිස් නගරයේ ද දරුණු සටන් දිගටම පවතී.
හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් පුද්ගලයන් 195 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ඒ අනුව සති 11ක කාලය තුළ දී පවතින සටන් හේතුවෙන් පුද්ගලයින් 21,100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අතරින් බහුතරය ළමුන් සහ කාන්තාවන් වේ.