ඉදිරි මැතිවරණයේදී ආණ්ඩු බලය ලබා ගැනීම මගේ බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ, දෙවැනි දිනට ආරම්භ කෙරුණු කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක අවස්ථාවට පෙරේදා (26) සහභාගී වෙමිනි.
කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළෙඳ සැණකෙළිය නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය සහ කිරිඳිවැල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා (25) ආරම්භ කෙරිණි.
එය 31වැනි දා දක්වා පැවැත්වේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන සහ වෙළෙඳ කුටි 50කට වැඩි ගණනකින් මෙය සමන්විතය.
එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුනි.
ප්‍රශ්නය – ඉදිරි වසර මැතිවරණ වසරක්. පක්ෂයට අලුතින් ආසන සංවිධායකයන් පත් කරන්න බලාපොරොත්තු වෙනවද?.
පිළිතුර- එහෙම එකක් නැහැ. ඉන්න සංවිධායකයන්ගේ වරදක් නැහැ. මැතිවරණයකුත් තියෙනවානේ.
ප්‍රශ්නය – පක්ෂය හැරගිය අය සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද?.
පිළිතුර – පක්ෂය හැර ගිය අය වෙනුවට අලුත් අය පත් කරනවා. මම හිතන්නේ දැනටම ඒ දේවල් කරල තියෙනවා.
ප්‍රශ්නය – මේ දවස්වල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නවා.
පිළිතුර – මම හිතන්නේ මේ ආණ්ඩුව කරන හොඳම වැඩක් ඒක. මේ රටම විනාශ වෙන්නේ මත්ද්‍රව්‍ය නිසයි.
ප්‍රශ්නය – විපක්ෂ නායක ධුරය ගන්න ඔබ සූදානම් වෙනවා කියල කතාබහක් යනවා. ඒක ඇත්තද?.
පිළිතුර – තාම එහෙම කතාවක් නැහැ. අපේ බලාපොරොත්තුව ඊළඟ මැතිවරණයේදී බලය ලබා ගැනීමයි. විපක්ෂයට යන්න බලාපොරොත්තුවක් නැහැ.
ප්‍රශ්නය – ඉදිරියේදී බදු අඩු කරනවද?. වැඩි කරනවද?.
පිළිතුර – බදු නැති කරන්න බැහැනේ. බදු තියේවි. මම කියන්නේ මිනිස්සුන්ට සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕනෑ කියලා.
උපාලි කරණාරත්න සහ ජී.එස්. තැලිගම – කිරිඳිවැල සමූහ