396
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මොණරාගල කුඹුක්කන් ඔයේ ජල මට්ටම අද (28) පෙරවරුවේ ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් ප්රදේශයේ ගම්මාන රැසකට ගං වතුර පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
මේ අනුව, කුඹුක්කන, ඔක්කම්පිටිය සහ කලවැල් ආරගම යන ප්රදේශවලට මෙලෙස ගං වතුර අවදානම් තත්වයක් පවති.
මොණරාගල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ එම නිසා ප්රදේශයේ ජනතාව අවධානයෙන් පසුවන ලෙසය.