Home » කිළිනොච්චි අහසේ රටා මවන එතෙරින් ආ අමුත්තෝ

කිළිනොච්චි අහසේ රටා මවන එතෙරින් ආ අමුත්තෝ

by gayan
December 28, 2023 1:00 am 0 comment

කිළිනොච්චිය පුනරීන් පාරේ කලපුවට ඔබ්බෙන් වූ කඩොලාන කැලෑවට මේ දිනවල සියක්කාරයින් ඇතුළු විදේශීය පක්ෂීන් රැසක් පැමිණ සිටිති. වර්ෂාව අවසන් වීමත් සමඟම පැමිණ සිටින මෙම විදෙස් පක්ෂීන් නිසා කඩොලාන කැලෑ ප්‍රදේශය ඉතා චමත්කාර දසුන්වලින් මේ දිනවල පිරීගොස් තිබේ.

කිළිනොච්චියේ වැසියන් කියා සිටින්නේ වෙනත් වසරවලදී මෙම විදෙස් කුරුල්ලන් කිළිනොච්චියට පැමිණෙන්නේ ජනවාරි මස අග සතියේදී බවයි. එසේ පමිණෙන විදෙස් පක්ෂීන් මුලතිව් චුණ්ඩිකුලම් පක්ෂි අභය භූමියේ හා උද්‍යානයේ මාසයක පමණ කාලයක් රැදී සිට අතුරුදන් වන බවද කිළිනොච්චියේ වැසියෝ කියා සිටිති. කෙසේ වෙතත් මේ දිනවල කිළිනොච්චියට පැමිණ සිටින විදේශීය පක්ෂීන් නැරඹීමටත් එම පක්ෂීන්ගේ ඡායාරූප ගැනීමටත් විශාල පිරිසක් උදෑසන හා සවස් කාලයේදී කිළිනොච්චිය පුනරීන් පාරේ කලපුවට ඔබ්බෙන් වූ කඩොලාන කැලෑවට පැමිණෙමින් සිටිති.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT