මුලතිව් ස්වාභාවික තල් වනයෙන් තල්ගස් කපා කියත්වලින් ඉරා රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා තල් පරාල 108ක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා සැකකරුවකු මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඔහුට අයත් ටිපර් රථයෙන් මෙම තල් පරාල ප්‍රවාහනය කොට ඇත්තේ ලී කුඩු ප්‍රවාහනය කරන මුවාවෙනි. ටිපර් රථයට තල් පරාල පටවා වටේටම ලී කුඩු පටවා තල් පරාල ප්‍රවාහනය කරමින් තිබිය දී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය පුදුකුඩිඉරිප්පු තෝරාවිල් ප්‍රදේශයේ දී මඟ හරස් කොට ටිපර් රථය නවත්වා තල් පරාල තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ තල්ගස් කැපීම ඉතා අසීරු නිසා බොහෝ පිරිස් මුලතිව් ප්‍රදේශයේ පිහිටි ස්වාභාවික තල්වනය වනසමින් තල්ගස් කපා තල් දැව යාපනයට ප්‍රවාහනය කරන්නට පටන් ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. මෙම පුද්ගලයා ද කාලයක සිට මුලතිව් ප්‍රදේශයේ තල්ගස් කපා තල් දැව යාපනයට ප්‍රවාහනය කරන මහා පරිමාණයේ දැව ව්‍යාපාරිකයකු බවට පුදුකුඩිඉරිප්පු පොලිසිය හඳුනා ගෙන තිබේ. සැකකරු හා තල් පරාල තොගය මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩිඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇත.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ