Tuesday, May 13, 2025
Home » බංගලියන් හමුවේ නවසීලන්තය පරදී

බංගලියන් හමුවේ නවසීලන්තය පරදී

by gayan
December 28, 2023 1:00 am 0 comment

නවසීලන්තයට එරෙහිව පැවති පළමු විස්සයි20 තරගය කඩුලු 5කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

නේපියර්හිදි පැවති මේ තරගයේ ජය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයට එක් වූයේ සත්කාරක නවසීලන්තයට එරෙහිව එරටේදී ලැබූ පළමු විස්සයි20 ජයග්‍රහණය ලෙසයි.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0කින් පෙරමුණ ගැනීමට ද බංග්ලාදේශය සමත් වූ අතර, බංග්ලාදේශය විස්සයි20 තරගයකදී නවසීලන්තය පරාජය කළ සිවුවැනි අවස්ථාව මෙයයි.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 134කට සීමා කළ බංග්ලාදේශය පන්දු 8ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 5ක් දැවී තිබියදීය.

ලිටොන් දාස් පන්දු 36කදී නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර, සෞම්‍ය සර්කාර් ලකුණු 22ක්, නජ්මුල් හොසේන්, ටව්හිඩ් හිර්ඩෝයි සහ මෙහෙදි හසන් ලකුණු 19 බැගින් රැස් කළහ.

ජෙම්ස් නීෂම් පන්දු 29කින් ලකුණු 48ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3ක්, මෙහෙදි හසන් සහ මුස්ටෆිසූර් රහ්මාන් කඩුලු 2 බැගින් දවා ගත්හ. තරගයේ වීරයා සම්මාන මෙහෙදි හසන්ට හිමි විය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (29) මවුන්ට් මුන්ගුනායිහිදී පැවැත්වේ.

නවසීලන්තය – 134/9 (ඕවර 20) ජෙම්ස් නීෂම් 48 (ශොරිෆුල් ඉස්ලාම් 26/3, මෙහෙදි හසන් 14/2, මුස්ටෆිසූර් රහ්මාන් 15/2)

බංග්ලාදේශය – 137/5 (ඕවර 18.4) ලිටොන් දාස් නොදැවී 42, සෞම්‍ය සර්කාර් 22

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT