367
කලාවැවේ හදිසි වාන් දොරටු අද (29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබෙයි
මේ අනුව තත්පරයට ඝණ අඩි 13,443ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙමින් පවතින බව වාර්තා වෙයි
මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය, අවුකන විහාරස්ථානය අසළ සිට දුම්රිය පාලම දක්වා කොටස ජලයෙන් යටව ඇති අතර මේ වනවිට එම මාර්ගයේ රථවාහන ධාවනය ද ඇනහිට තිබෙන බව වාර්තා වෙයි.