Home » අප්‍රිකානු වෛරසයක් නිසා ආහාර තොගයක් විනාශ කෙරේ

අප්‍රිකානු වෛරසයක් නිසා ආහාර තොගයක් විනාශ කෙරේ

by yasara
December 29, 2023 2:01 pm 0 comment

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ බව පැවසෙන ඌරු මස් , සොසේජස් හා තාරා ඔලු ඇතුළු සත්ව ආහාර තොගය කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ඊයේ (28) දා විනාශ කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මෙම සත්ව ආහාර තොගය මෙරටට රැගෙන ඒමෙන් පසුව සිදුකළ පරීක්ෂණ වලදී ඒ තුළ අප්‍රිකානු වෛරසයක්  වැළඳී ඇති බවට තහවුරු වී තිබෙයි

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අදාළ බලධාරීන් එම සත්ව ආහාර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක අධිධාරිතාවෙන් යුත් උෂ්ණත්වය සහිත යන්ත්‍රයකින්  ආහාර තොගය විනාශ කිරීමට පියවර ගත් බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT