යුක්තිය මෙහෙයුම යටතේ මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් හෙරොයින් ග්‍රෑම් විසි දෙකක් සමග පුද්ගලයකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ “කදිරානවත්තේ ගෝනා” නමැති (45) පුද්ගලයකු බව පොලිසිය කියයි .
මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට හෙරොයින් තොගයක් රැගෙන එන බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරියෙකුට ලැබී තිබු තොරතුරක් අනුව මට්ටක්කුලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්න මහතාගේ උපදෙස් මත නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට යවා වටලා පරීක්ෂා කිරීමේ දී දෙමහල් නිවසක් තුළ රැදී සිටි පුද්ගලයකු සන්තකයේ තිබී සැකකටයුතු පාර්සලයක් හමුවූ බව පොලිසිය කියයි.
පසුව පොලිස් නිලධාරින් එම පාර්සලය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ හෙරොයින් ග්‍රෑම් 22 තිබී හමු වූ බවත් එය රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලකට මිළදී ගෙන තිබූ බවත් වාර්තා වෙයි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව ආ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.