Tuesday, May 13, 2025
Home » නායයෑම් අනතුරු ඇඟවීම් කළ දිස්ත්‍රික්ක

නායයෑම් අනතුරු ඇඟවීම් කළ දිස්ත්‍රික්ක

by chanaka
December 30, 2023 9:25 am 0 comment

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා විමසිලිමත් විය යුතු මට්ටමේ සහ අවධානය යොමු කළ යුතු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම අනතුර ඇඟවීම් නිවේදනය අද (30) පස්වරුව දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

එසේම ඊයේ (29) රාත්‍රියේ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දුම්රිය මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් එකක් පමණ දුරින් වූ ප්‍රදේශයකට පස් කන්දක් කඩාවැටී තිබුණි. මේ හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇති අතර, දුම්රිය සේවකයින් සහ යුද හමුදාව එක්ව මාර්ගය යළි යථාතත්වයට පත්කර ඇති බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT