Home » නිවසේ සරුවට වගා කළ ගංජා ‘යුක්තියට’ මාට්ටු වූ හැටි

නිවසේ සරුවට වගා කළ ගංජා ‘යුක්තියට’ මාට්ටු වූ හැටි

by chanaka
December 30, 2023 9:40 am 0 comment

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ගලෙන්බිදුණුවැව පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි කොට්ඨාශ නිලධාරින්ගේ තොරතුරු මත ගලෙන්බිදුනුවැව දුෂණ මර්ධන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) සවස ගලෙන්බිදුණුවැව පොලිස් වසමට අයත් නො 72/බි,ස්වශක්තිගම,පඩිකාරමඩුව ප්‍රදේශයේ සිදුකල විශේෂ පොලිස් මෙහෙයුමක් අතර වාරයේදී ගෙවත්තක වගාකොට තිබියදී උස ගංජා ගස් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ගංජා වගා කල පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදී එහි තිබී ගංජා ග්‍රෑම් 08 ක් සොයාගෙන තිබේ.

මෙලෙස ගංජා වගා කිරිම හා ගංජා සංතකයේ තබාගැනීම වෙනුවෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ නො 72/බි,ස්වශක්තිගම,පඩිකාරමඩුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 41ක අයෙකි.

සැකකරු අද (30) කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය

ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT