දෙසැම්බර් මාසය තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ අනුව 2023 වසරේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,078ක් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, මෙම මාසය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 10,600ක් වාර්තා වී ඇත. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බව සදහන් වේ.
ඩෙංගු රෝගීන් 87,078 න් රෝගීන් 39,543 ක් බස්නාහිර පළාතෙන් හමුව ඇත.
ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 18,401ක් වාර්තා වූ අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 16,020කි. කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් ගණන 5,122කි. මේ අතර පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වී ඇත.
පසුගිය දින කිහිපය තුළ ඩෙංගු උණ වැළඳීමෙන් විශ්වවිද්‍යාල සිසුවෙකු සහ මාස 11ක් වයසැති බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මිය ගිය බව ද වාර්තා වේ.
මේ අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශ 62ක් ‘ඩෙංගු අධි අවදානම්’ කලාප ලෙස වර්ගීකරණය කර ඇත.