Home » ලැගුම් හලක සිටි ‘ක්‍රීඩා ගුරා’ අත්අඩංගුවේ

ලැගුම් හලක සිටි ‘ක්‍රීඩා ගුරා’ අත්අඩංගුවේ

by chanaka
December 30, 2023 10:38 am 0 comment

එප්පාවල නගරයේ ලැඟුම්හලක පාසල් ළමුන් දෙදෙනකු සමඟ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි ගුරුවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, ගල්නෑව අධ්‍යාපන කළාපයේ පාසලක සෞඛ්‍ය හා ශාරීරක අධ්‍යාපනය (ක්‍රීඩා ගුරුවරයා) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරයෙකි.

සැකකාර ගුරුවරයා පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුන් දෙදෙනෙකු සමඟ මෙලෙස එප්පාවල නගරයේ නවාතැන් පොලක සැකකටයුතු ලෙස රැදී සිටිම හේතුවෙන් පොලිස් අත්අඩංගුව ගෙන ඇත.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පසුගිය 27 වැනිදා පැවැත්වෙන වොලිබෝල් පුහුණුවක් සඳහා ළමුන් දෙනො රැගෙන යන බවට එම දරුවන්ගේ මවුපියන්ට දැනුම් දී , දරුවන් දෙදෙනා මෙලෙස කැඳවාගෙන පැමිණ ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

මගී ප්‍රවාහන බස් රථයකින් මෙම ගුරුවරයා හා ළමුන් පැමිණ ඇති අත ,එමර වොලිබෝල් පුහුණුවීම නොපැවැත්වෙන බැවින් එප්පාවල නගරයෙන් බැස නවාතැන් පොළට 27 වැනි දින පැමිණ ඇත. එප්පාවල පොලීසිය මගින් 28 වැනි දින හදිසියේ නවාතැන්පළ පරික්ෂාවක් සිදු කර ඇති අතර, එහිදී මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, දරුවන්ද පොලිස් භාරයට ගෙන ඇත.

පාසල් දරුවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවට අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

දරුවන්ගේ මවුවරුන් පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර, ඔවුන් කියා සිටියේ ගුරුවරයා දරුවන් එප්පාවල නගරයේ නවාතැන් පළක රඳවා ගන්නා බව තමන්ට නොදැනවූ බවයි.

අත්අඩංගුවට ගත් 51 හැවිදිරි ක්‍රීඩා ගුරුවරයා බාල වයස්කාර දරුවන් දෙදෙනකු නීත්‍යාණූකූල භාරකාරීත්වයෙන් අපහරණය යන චෝදනාව යටතේ ඊයේ(29) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT