Home Alone 2: Lost in New York චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් විසින් අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල කර ඇති චෝදනාව ට්‍රම්ප් විසින් ඉතා කෝපයෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා 1992 පටිගත කළ මෙම චිත්‍රපටයේ කෙටි දර්ශන පෙලකට පෙනී සිටියේ එවකට ඔහුට අයත්ව තිබූ ප්ලාසා හෝටලයේ රූගත කරන ලද දර්ශනයක දීය.
අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් පැවසුවේ ඔවුන් හෝටලය චිත්‍රපටයේ ස්ථානයක් ලෙස භාවිතා කරන්නේ නම් චිත්‍රපටයේ පෙනී සිටීමට අවස්ථාවක් දිය යුතු ලෙසට ට්‍රම්ප් දැඩිව අවධාරනය කළ බවයි.
නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනුයේ චිත්‍රපට නිෂ්පාදකයින් තමාට පෙනී සිටින ලෙස “ඉල්ලීමක්” කර සිටි බවයි.
“මම ඉතා කාර්යබහුල වූ අතර එය කිරීමට අවශ්‍ය නොවීය. නමුත් ඔවුන් ඉතා හොඳින් මේ ඉල්ලීම මට ඉදිරිපත් කළා, මම එකඟ වුණා, ඉතිරිය ඉතිහාසගතයි! චිත්‍රපටිය විශාල සාර්ථකත්වයක් ලැබුවා. තාමත් එහෙමයි, විශේෂයෙන්ම නත්තල් කාලෙට, එය විකාශය වන සෑම විටම මිනිසුන් මට කතා කරයි” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳ සටහනක් ඔහුගේ සමාජ වේදිකාවේ ලියා තිබේ.
“ඔවුන්ට හිරිහැරයක් දැනුනා නම් හෝ මාව එපා නම්, ඔවුන් මාව අවුරුදු 30 කට වැඩි කාලයක් තුළ අදාළ දර්ශවල මා තබා ගත්තේ ඇයි?” ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රශ්ණ කර ඇත.
මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් කොලම්බස් සම්මුඛ සාකච්ඡාවකදී සිදු කළ අදහසක් මෙලෙස යළි කරලියට පැමිණ ඇත.