හෙට (31) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් හෙට පස්වරු 05.00 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකය.
ඒ අනුව කොළඹ ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනය හෙට රාත්‍රී එක් දෙසකට පමණක් සීමා කෙරෙන බවද සදහන් කරයි.
ඊට සමගාමීව කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කෙරේ.
මේ අතර හෙට (31) රාත්‍රියේදී ගාලු මුවදොර ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි.
මේ හේතුවෙන් හෙට පස්වරුවේ සිට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.