Monday, May 5, 2025
Home » ‘යුක්ති­යට’ සැක­කරු බල්ලන් උසි­ග­න්වලා

‘යුක්ති­යට’ සැක­කරු බල්ලන් උසි­ග­න්වලා

by Gayan Abeykoon
December 30, 2023 1:00 am 0 comment

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පොලිසිය විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවෙස පරික්ෂා කිරීමට යෑමේදී අදාළ පුද්ගලයා නිවෙසේ සිටි පුද්ගලයන් විසින් සුනඛයන් උසිගන්වා ඇති පුවතක් මාදිවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

සැකකරු යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මාර්ගය හරස්කොට කළ පරීක්ෂාවකදී හෙරොයින් මි.ග්‍රෑ. 6,390ක ප්‍රමාණයක් සමඟ අමල් ඉන්දික නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු කොටු කරගැනීමට මිරිහාන පොලිසිය කටයුතු කර තිබේ.

පසුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන, ඔහුගේ නිවෙස පරීක්ෂාවට මාදිවෙල ප්‍රදේශයට ගොස් තිබේ. ඒ අවස්ථාවේදී නිවෙසේ සිටි පුද්ගලයන් සුනඛයන් උසිගන්වා පොලිසිය ඇතුළු වීම වළකාලීමට කටයුතු කර ඇති බව පැවැසේ.

කෙසේ වෙතත් පොලිසිය නිවෙසට ඇතුළු වී සිදු කළ සෝදිසියේදී නිවෙසේ තිබී හෙරොයින් ග්‍රෑ. 15ක් සොයාගත් බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT