Home » යුක්තියට 1,500ක් කොටු වෙයි

යුක්තියට 1,500ක් කොටු වෙයි

by chanaka
December 30, 2023 11:18 am 0 comment

යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ අද (30) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 1,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 590ක්, අයිස් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 300ක්, ගංජා කිලෝ ග්‍රෑම් 06යි ග්‍රෑම් 330ක් සහ තවත් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

අද අලුයම 12යි 30න් අවසන් වු පැය 24 තුළ සිදු කළ වැටලීම්වල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1,554 දෙනා අතරින් 82 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

එමෙන්ම සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 62ක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT