Home » මන­ම්පි­ටියත් ජල­යෙන් යට­ වෙයි වාහන ගමන් නවතී
මහ වැස්සෙන් ජන ජීවිතයට දැඩි පීඩා

මන­ම්පි­ටියත් ජල­යෙන් යට­ වෙයි වාහන ගමන් නවතී

ගම්වැ­සි­යෝ 100ක් ඥාතී නිවා­ස­වල රඳ­වති

by Gayan Abeykoon
December 30, 2023 1:00 am 0 comment

ඇළහැර සරත් වෙලගෙදර

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් විපතට පත් වු මනම්පිටිය ගල්ලැල්ල ප්‍රදේශවල ගම්වැසියන් 100ක් පමණ පිරිසක් ඥාතීන්ගේ නිවාසවල නවාතැන් ගෙන ඇති බව පොලොන්නරුව දිසා ලේකම් සුසන්ත ඒකනායක මහතා පැවසීය. ගංවතුරින් විපතට පත් වී සිටින ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටින පුද්ගලයන් සඳහා පිසු ආහාර ලබාදීමට තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්

හා යුද හමුදාව එක්ව කටයුතු කරන බව ද දිසා ලේකම් සුසන්ත එකනායක මහතා පැවසීය.

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මර්ගය මනම්පිටිය ගල්ලැල්ල මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT