Home » දඹුල්ල ආර්ථි­කයේ අමු­මි­රිස් කිලෝව 1,500ට නඟී

දඹුල්ල ආර්ථි­කයේ අමු­මි­රිස් කිලෝව 1,500ට නඟී

සිල්ලර මිල රු. 1,800ක්

by Gayan Abeykoon
December 30, 2023 1:00 am 0 comment

සීගිරිය විශේෂ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමුමිරිස් කිලෝවක් 1,300ත් 1,500ත් අතර තොග මිලකට ඊයේ (29) අලෙවි වී ඇති අතර සිල්ලර මිල රුපියල් 1,800ක් වී තිබේ. මෑත කාලයේ වාර්තා වූ වැඩිම අමු මිරිස් මිල මෙය බව වෙ‍ෙළන්දෝ පවසති.

අමු මිරිස් ග්‍රෑම් සියයකට කරල් 12ක් පමණ හසු වන අතර, අමුමිරිස් ග්‍රෑම් සියයක් රුපියල් 200ක් වේ. ඒ අනුව එක් අමු මිරිස් කරලක් රුපියල් 15ක් පමණ වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති. එමෙන්ම එළවළු මිලද ඉහළ ගොස් ඇති අතර ලොකුලූනු කිලෝවක් රුපියල් 700ක් පමණ වී තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT