මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා වැව් බොහොමයක් වාන්දැමීම ආරම්භ වී තිබේ.
ගලෙන්බිඳුණුවැව වාරි ඉංජිනේරු කාර්යාලය මගින් පාලනය වන අලුත් දිවුල්වැව අක්කර අඩි 7000 ක ජල ධාරිතාවයකින් යුතු වැවක් වන අතර එහි වාන් දොරටු හතරක් අගල් තුන බැගින් විවෘත කොට ඇත. වැවේ ස්වාභාවික වානෙන් අගල් 1.5 ජලධාරිතාවයක් පිටව යන බව හුරුලුවැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා පැවසීය.
මේ අතර අක්කර අඩි 8400 ක ජල ධාරිතාවයකින් සමන්විත ගලෙන්බිදුණුවැව කිව්ලේකඩ මහා වාරි වැව ද ඊයේ උදැසන සිට වාන් දොරටු අටම අගල් අට බැගින් විවෘත කොට වාන් වතුර අඩක්පන් ඔයට මුදා හැර තිබේ.
එමෙන්ම අක්කර අඩි 55000කින් යුතු ජලධාරිතාවයකින් සමන්විත හුරුලු වැව වාන් මට්ටමට පැමිණ ඇත. මේ වන විට හුරුළුවැවේ ජලධාරිතාවය අක්කර අඩි 52100 පවතින බවත් මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් හබරන හා හිරිවඩුන්න වැව් වාන්දැමිම මගින් යාං ඔය හරහා හුරුලු වැවට ඉතා සීග්‍රයෙන් ජලය පැමිණෙන බැවින් හෙට හෝ අනිද්දා දින වාන් දැමීම සිදුවෙයැයි ගලෙන්බිඳුණුවැව හුරුලුවැව භාර වාරි ඉංජිනේරු දසුන් තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය