Wednesday, March 26, 2025
Home » මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවෙක් අතුරුදන්

මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවෙක් අතුරුදන්

by chanaka
December 30, 2023 11:29 am 0 comment

චීන වරාය පොලිස් වසමේ මාබල් බීච් වෙරළ තීරයේ ඊයේ (29) සවස දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

මෙසේ අතුරුදන් වී ඇත්තේ, 17 හැවිරිදි ඉඟුරුවත්ත, මාවතගම ප්‍රදේශයේ පදිංචි ව සිටි සිසුවෙකි.

පෞද්ගලික උපකාරක පංතියක පාසල් සිසුන් 10 දෙනෙකු, සිසුවියන් 12ක්, ගුරුවරයෙකු සහ දෙමාපියන් තිදෙනෙකු චාරිකාවක් සඳහා බස් රථයකින් ත්‍රිකුණාමලය ප්‍රදේශයට පිටව ගොස් සවස් කාලයේ මාබල් බීච් වෙරළ තීරයේ දිය නාමින් සිටින අතරතුර මෙම අනතුර හටගෙන ඇති බව වාර්තාවේ.

එහි දී රළ පහරකට හසු වී ළමුන් තිදෙනෙකු ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු ගුවන් හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් බේරාගෙන ඇති අතර, එක් සිසුවෙකු ගසාගෙන ගොස් ඇති බව සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කළේ අතුරුදන් වූ පාසල් සිසුවා සොයා ගුවන් හා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ බෝට්ටු යොදවා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.

චීන වරාය පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT