Home » ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සමඟ පෝට් සිටියට රෝහලක්

ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සමඟ පෝට් සිටියට රෝහලක්

by chanaka
January 2, 2024 3:22 pm 0 comment

කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

අසිරි පෝට් සිටි හොස්පිටල් පුද්ගලික සමාගම විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් යටතේ කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එකී විධිවිධාන යටතේ අදාළ නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීම සඳහාත්, එම ව්‍යාපෘතිය ක්‍ර මෝපාය වැගත්කම්ක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් වශයෙන් ගැසට් පත්‍රයේ නියමයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT