Monday, May 5, 2025
Home » බන්ධනාගාරයේ ලොකු පුටු මාරුවක්

බන්ධනාගාරයේ ලොකු පුටු මාරුවක්

by chanaka
January 2, 2024 4:29 pm 0 comment

නව බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනකු ඇතුළුව බන්ධනාගාර කොමසාරිස්වරුන් පස් දෙනකු සඳහා නව රාජකාරි වැඩආවරණ කටයුතු පැවැරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත.

ඒ අනුව පර්යේෂණ හා විශෝධන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් හේමන්ත මහතා බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) ලෙස ද මැගසින් බන්ධනාගාරයේ හා බන්ධනාගාර මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා බන්ධනාගාර කොමසාරිස්( පුනරුත්ථාපන )ලෙස ද වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී යූ.බී.වලිසුන්දර මහතා බන්ධනාගාර කොමසාරිස් (කර්මාන්ත) ලෙස වැඩ ආවරණ කටයුතු සිදු කරනු ලබයි.

බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස් (පාලන )ලෙස ද බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන ලෙස කටයුතු කළ ගාමිණී .බි .දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් හා බුද්ධි හා ආරක්ෂණ ලෙස ද පත්කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු වන අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.අයි. උඩුවර මහතා හා බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු මහතාගේ විශ්‍රාම යෑම නිසා රාජකාරීන් ආවර්ණය කිරීම පිණිස නව වැඩ ආවරණ බන්ධනාගාර කොමසාරිස්වරු පත් කිරීම සිදු කරන ලදි.

එමෙන්ම බෝගම්බර බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී එස්.කේ. පල්ලේතැන්න මහතා පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ හා බන්ධනාගාර මුලස්ථානයට ද, කළුතර බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා වැලිකඩ බන්ධනාගාරයටද, මහර බන්ධනාගාර අධිකාරී ඒ.සි.ගජනායක මහතා බෝගම්බර බන්ධනාගාරයටද, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරී රජිව් ශ්‍රිමාල් ද සිල්වා මහතා මහර බන්ධනාගාරයට ද ඇතුළුව බන්ධනාගාර අධිකාරී, සහකාර බන්ධනාගාර අධිකාරීවරු 14ක් ද ස්ථාන මාරුවීම් ලබා ඇත.

වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස 11 දෙනෙකුට නව පත්කිරීම් සමග මාරුකිරිම් සිදු කර තිබේ. බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරුන් 20 දෙනෙකු ද ස්ථාන මාරුකිරිම් කර ඇත. අධිකාරීවරුන්ගේ ස්ථාන මාරුවීම් 2024 ජනවාරි 01දින සිටද ප්‍රධාන ජේලර්වරුන්ගේ ස්ථාන මාරුවීම් 2024 ජනවාරි 05 දින සිටද ක්‍රියාත්මක වේ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT