Home » ගිනිගත් ජපාන ගුවන් යානයේ සිටි සියලු දෙනා නිරුපද්‍රිතයි

ගිනිගත් ජපාන ගුවන් යානයේ සිටි සියලු දෙනා නිරුපද්‍රිතයි

by chanaka
January 2, 2024 5:11 pm 0 comment

මගීන් රැගත් ජපන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී ගිනිගැනීමට ලක්විය.

මෙහිදී යානය ගිනිගෙන විනාශ වූ අතර, මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනා නිරුපද්‍රිතව ඉවත් කර ඇති බව ගුවන් සමාගම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොකයිඩෝ සිට පැමිණි JAL 516 මගී ප්‍රවාහන යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි. ඒ ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමේදී වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙනි.

ගුවන් යානයේ ජනේලවලින් ගිනිදැල් පිටවන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT