ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේදී ජපාන වෙරළාරක්ෂක ගුවන් යානයක්, මගී ගුවන් යානයක ගැටී සිදුවූ අනතුරෙන් වෙරළාරක්ෂක ගුවන් යානයේ ගමන් ගත් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙරළාරක්ෂක ගුවන් යානය ජපාන භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවලට ආධාර සැපයීමට නියමිතව වූවක් බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
ගිනි ගත් ජපන් ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය 379 දෙනාම ඉවත් කර ගත් බව ගුවන් සමාගම සදහන් කර තිබේ.
උතුරු ජපානයේ හොකයිඩෝ සිට පැය දෙකකට පමණ පෙර ගුවන්ගත වූ ජපන් එයාර්ලයින්ස් 516 ගුවන් යානයේ මෙලෙස ගින්නක් ගින්නක් හටගත් අතර, මියගොස් ඇත්තේ, වෙරළාරක්ෂක ගුවන් යානයේ සිටි පුද්ගලයින් පස් දෙනෙක් බව ජපානයේ ප්‍රවාහන අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සඳුදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් හානියට පත් ප්‍රදේශවලට ආහාර රැගෙන යමින් සිටි වෙරළාරක්ෂක ගුවන් යානය ධාවන පථයට ගොඩබසින විට ජපන් එයාර්ලයින්ස් යානයේ ගැටී ඇතැයි විශ්වාස කෙරේ.
ටෝකියෝ ගුවන් තොටුපළ ගින්නට ප්‍රතිචාර දැක්වූ අගමැති ෆුමියෝ කිෂිඩා පවසන්නේ, නිලධාරීන්ට සිදුවී ඇති හානිය ඉක්මනින් සොයා බැලිය යුතු බවයි.