Home » ඩේවිඩ් වෝනර් ට අකරතැබ්බක් – ආයාචනාත්මක ඉල්ලීමක් කරයි

ඩේවිඩ් වෝනර් ට අකරතැබ්බක් – ආයාචනාත්මක ඉල්ලීමක් කරයි

by chanaka
January 2, 2024 4:20 pm 0 comment

ඔස්ට්‍රේලියා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ගේ ටෙස්ට් කැප් තොප්පිය හෙවත් ‘බැගී ග්‍රීන්’ කොළ පැහැති කැප් තොප්පිය අස්ථාන ගත වී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිවීමේ දී පිරිනමනු ලබන ටෙස්ට් කැප් තොල්ලිය පසුගියදා මෙල්බර්න් හි පැවැති ටෙස්ට් තරගයෙන් පසු සිඩ්නි නුවර වෙත ගුවන් ගමන අතරවාරයේ දී සිය බෑගයෙන් කිසියම් අයෙකු සොරා ගෙන ඇති බව වාර්තාවේ.

පකිස්ථානය සමඟ හෙට(03) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ටෙස්ට් දිවියට සමුදීමට නියමිතය.

නමුත් මෙම අකරතැබ්බිය හමුවේ වෝනර් සිය සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඉල්ලා ඇත්තේ සිය ටෙස්ට් කැප් තොප්පිය තමන්ගේ අවසන් ටෙස්ට් තරගයට පෙර ලබා දෙන ලෙස ආයාචනාත්මක ඉල්ලීමක් කර ඇත.

“එය මට හැඟීම්බරයි, එය මම නැවත මගේ අතට ගැනීමට කැමති දෙයක්“ යනුවෙන් ද වැඩිදුරටත් වෝනර් සදහන් කර තිබේ.
.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT