Home » උසස් පෙළ කාලසටහනේ වෙනසක් – පෙර කාලසටහන භාවිතා කරන්න එපා

උසස් පෙළ කාලසටහනේ වෙනසක් – පෙර කාලසටහන භාවිතා කරන්න එපා

by chanaka
January 3, 2024 9:56 am 0 comment

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සුළු වෙනස් වීමක් සිදුව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

කොරියානු භාෂාව මෙවර උසස් පෙළ විෂය ධාරාවට නව විෂයක් ලෙස එකතු වී ඇති අතර එය කාලසටහන සඳහා එකතු කිරීමට යාමේදී එහි සුළු වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුවු බව විභාග කොමසාරිස්වරයා කියා සිටියි.

ඒ හේතුවෙන් මීට පෙර නිකුත් කළ උසස් පෙළ විභාග කාලසටහන භාවිත නොකරන ලෙස සියළු විභාග අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ.

ඇතැම් වෙබ් අඩවිවල මෙම කාලසටහන වැරදි ලෙස සටහන් කර ඇති බවත්, අපේක්ෂකයින්ට පහසුවන ලෙස ප්‍රවේශපත්‍රයේම නව කාලසටහන දක්වා ඇති බවත් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේය.

ඒ අනුව කිසිදු වෙනත් තොරතුරකට යාමට අවශ්‍ය නොවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ප්‍රවේශපත්‍රයේ වෙන්කර ගැනීමට කොටසක් ඇති බැවින් එම කොටසේ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, කුමන පත්‍රය ද, මාධ්‍ය, ඒ ඒ විෂයන් පැවැත්වෙන වේලාව සඳහන් කර තිබේ.

එය ප්‍රමාණවත් බවත්, උසස් පෙළ කාලසටහන පිළිබඳ තවත් කිසිදු දෙයක් සෙවීමට අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේය.

මේ අතර, ආපදා අවදානම සහිත ප්‍රදේශවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසැල් සූදානම් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඊට අදාළ මාර්ගෝපදේශ අදාළ අංශ වෙත යොමුකර ඇති අතර අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, පස්සර, අම්පාර, මඩකලපුව සහ හසලක යන ප්‍රදේශ පිළිබද දැඩි අවදානයක් යොමුකර ඇති බව සඳහන්ය.

අවසන් මොහොත වනතුරු නොසිට සිය විභාග මධ්‍යස්ථානයට යාමට බාධාවක් තියෙනවාද යන්න සොයා බලන ලෙස විභාග දෙපාර්තමේන්තුව සියළු අපේක්ෂාකයින්ට දැනුම් දෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට යාමට හෝ කිසියම් දෙයකට බාධාවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දිය හැකිය.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT