Tuesday, May 13, 2025
Home » තවත් සැකකරුවන් 1182ක් අත්අඩංගුවට

තවත් සැකකරුවන් 1182ක් අත්අඩංගුවට

by chanaka
January 3, 2024 9:59 am 0 comment

ගෙවීගිය පැය 24 තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1182දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

මත්ජාවාරම්කරුවන් හා අපරාධකල්ලි සාමාජිකයින් කොටුකර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමෙන් ගෙවීගිය පැය 24 තුළ වැටලීම් රැසක් සිදුකෙරුණි.

එහිදී සැකකරුවන් 1,182 නෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඉන් 44 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

පොලිස් මත්ද්‍රව්‍ය නානශක කාර්යාංශය හා විශේෂ බලකායේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 138 දෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

හෙරොයින් , අයිස් , මාවා , ඈෂ් ආදී මත්ද්‍රව්‍ය මෙන්ම මත්පෙති මා ගංජා ද සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT