Tuesday, May 13, 2025
Home » සමූපකාරකයින් වෙනුවෙන් ‘ඉසුහාර’ සමූහ රක්ෂණ සැලසුමක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හඳුන්වා දෙයි

සමූපකාරකයින් වෙනුවෙන් ‘ඉසුහාර’ සමූහ රක්ෂණ සැලසුමක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හඳුන්වා දෙයි

by chanaka
January 3, 2024 9:35 am 0 comment

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය නවතම සමූහ රක්ෂණ සැලසුම ලෙස ‘ඉසුහාර’ රක්ෂණ සැලසුම සමූපකාර අංශයේ සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ඉදිරිපත් කෙරිණි.

උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැලසුම පසුගියදා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී.ඒ. කිරිවණ්දෙණිය මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ පිරිසක් සහභාගී විය. එමෙන්ම මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර තැම්පත් ගරු නීතීඥ ලලිත් යු. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ඉදිරියේදී ලංකාවේ අනෙකුත් පළාත් වලද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම රක්ෂණ සැලසුමෙහි ඇති විශේෂත්වය වන්නේ වයස අවුරුදු 18ත් – 69ත් අතර සමූපකාර අංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් මෙම රක්ෂණ සැලසුම සඳහා සුදුුසුකම් ලැබීමයි. එමෙන්ම මෙහි ප්‍රථම අදියරයේ හඳුන්වාදීම් කටයුතු මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කරනු ලැබූ අතර ජීවිත රක්ෂණ ප්‍රතිලාභයට අමතරව හදිසි අනතුරක් මත ඇතිවන සදාකාලික හා පූර්ණ අකර්මණ්‍ය තත්ත්වයකදී රෝහල් ගත කිරීමේ ප්‍රතිලාභය, අසාධ්‍ය රෝග ආවරණ ප්‍රතිලාභය, අවමංගල්‍යාධාර ප්‍රතිලාභය හා ඇස් කණ්නාඩි ආවරණය ඇතුළු අවරණ රැසක් මෙම රක්ෂණ සැලසුම සඳහා අන්තර්ගත වේ. තවද මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අනෙකුත් තරඟකාරි ආයතන ඇස් කාණ්නාඩි ආවරණය ලබා නොදෙන නමුත් ප්‍රථම වතාවට සමූහ රක්ෂණ සැලසුමක් සඳහා ඇස් කණ්නාඩි ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙනුවෙන් ලබා දීමයි.

දිවයිනේ සීග්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ගෙන ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, 20 වසරක් පුරා පාරිභෝගික සේවයේ ඉහළින්ම සිය විශ්වාසය ශ්‍රී ලංකේය ජනතාව අතර නොකඩවා තහවුරු කිරීමට සමත් වී ඇත. එසේම ශක්තිමත් ව්‍යාපාර වපසරියක් පවත්වාගෙන යමින් ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් දිවයින පුරා දියත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය, විශ්වාසනීය සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලාංකේය ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් දිවයින පුරා ශාඛා 100කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT