Home » හමාස් නියෝජ්‍ය නායකයා ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිත්‍ෂයට

හමාස් නියෝජ්‍ය නායකයා ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිත්‍ෂයට

by chanaka
January 3, 2024 12:28 pm 0 comment

හිස්බුල්ලා බලකොටුවක් වන බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක් වන Dahiyeh හි ඩ්‍රෝන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh al-Arouri ජීවිතක්‍ෂයට පත්ව ඇත.

ඩ්‍රෝන යානය හමාස් කාර්යාලයකට වැදී පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය බව ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

හමාස් නිලධාරීන් සහ ලෙබනන සුන්නි මුස්ලිම් කණ්ඩායමක් අතර පැවති රැස්වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

එහිදී පලස්තීන ජාතිකයින් සිව්දෙනෙකු සහ ලෙබනන ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමාස් සංවිධානය ද නියෝජ්‍ය නායකයාගේ මරණය තහවුරු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT