පිහි ඇණුමකට ලක්ව තුවාල ලැබූ දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ මියාන්ග් මේවන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියා විපක්ෂ නායකවරයා, බූසාන් නගරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ඊයේ පිහි ඇණුමකට ලක්විය.
පැය දෙකකට වැඩි කාලයක් ඔහුට ශල්‍ය වෛද්‍යවරුන් විසින් අද(03) ශල්‍යකර්මයක් සිදු කර ඇත. ඒ ඔහුගේ ගෙලෙහි ප්‍රධාන රුධිර නාලයක් කපා ඉවත් කිරීම සදහා බව ද වාර්තා වේ.
අඟහරුවාදා පිහි ඇණුම සිදු වූ බුසාන් සිට සෝල් වෙත ගුවන් මගින් ලී ජේ මියාන්ග් ගෙන යන ලද අතර එහිදී ඔහුට හිසේ සිට හදවතට රුධිරය පොම්ප කරන නහර යථා තත්ත්වයට පත් කිරීම සදහා ආධාරක නලයක් ඇතුළු කිරීමට සැත්කමක් සිදු කර තිබේ.
රෝහලට ගෙන යන විට ලී ජේ මියාන්ග් සිහිසුන්ව සිටි අතර ඔහු මේවන විට දැඩි සත්කාර ඒකකයේ සුවය ලබමින් සිටි බව පක්ෂ බලධාරීහු පවසති.