Home » ආපදා හේතුවෙන් උසස් පෙළ විභාගයට විය හැකි බාධා වැළැක්වීමට වැඩපිළි‍වෙළක්

ආපදා හේතුවෙන් උසස් පෙළ විභාගයට විය හැකි බාධා වැළැක්වීමට වැඩපිළි‍වෙළක්

by chanaka
January 3, 2024 12:01 am 0 comment

ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධා නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිළිබදව සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ දී අද පැවැත්විණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT