Home » උසස් පෙළ විභාගය හෙට ඇරඹේ

උසස් පෙළ විභාගය හෙට ඇරඹේ

by sachintha
January 3, 2024 12:00 am 0 comment

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට (04) පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණට’ ඊයේ (02) පැවසීය. මේ දිනවල පවතින වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශයන්හි ආපදා තත්ත්වයන් වාර්තා වුවත් එම ප්‍රදේශවල දරුවන්ට විභාගයට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට නිලධාරීන් සැලසුම් යොදා ඇති බව ද ඒ මහතා කීය. ආපදා තත්ත්වයන් පවතින විභාග මධ්‍යස්ථානවලට යෑමට නොහැකි අපේක්ෂකයන් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ ඔවුන්ට පහසු විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සැලසුම් යොදා ඇතැයි ද හෙතෙම පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව විභාග අපේක්ෂකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. අවශ්‍ය වුවහොත් විභාග අපේක්ෂකයන්ට අලුතින් විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට වුවද පියවර ගන්නා බව ද ඒ මහතා පැවසුවේය. උසස් පෙළ විභාගය හෙට (04) සිට 31 වැනිදා දක්වා රට පුරා විභාග මධ්‍යස්ථාන 2298කදී පැවැත්වීමට නියමිතය.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT