අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය රැස් කිරීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ විමාත් දින්සර සමත් විය.
මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව විමාත් දින්සර පන්දු 156කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 128ක් රැස් කළ අතර, එම තරගයේදීම සෙබස්තියන් පිලට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහලේ ජයවි ලියනගමට හැකි විය.
තවත් තරගයකදී රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද මහා විදුහලට එරෙහිව ඉනිමක සහ ලකුණු 16ක ජයක් ලැබීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
ත්‍රිත්ව – සෙබස්තියන්
ජය පරාජ නෑ
ත්‍රිත්ව පළමු ඉනිම – 357 (ඕවර 92.5) ජයවි ලියනගම 101, ජනිත් රවිෂ්ක 69, විදුක දම්මගේ 65, පුලිස තිලකරත්න 36, මලිත් රත්නායක 32, වතිල උදාර 32 (මනුජ චන්තුක 102/4, රයන් දිසානායක 56/3, නදීෂ ප්‍රනාන්දු 81/2)
සා. සෙබස්තියන් පළමු ඉනිම – 358/7 (ඕවර 91) විමාත් දින්සර 128, රයන් දිසානායක 71, උෂේන් සිල්වා 45, නවෝද් ප්‍රනාන්දු 41, නදීෂ ප්‍රනාන්දු නොදැවී 26 (කවීන් ගමගේ 50/3)
ලයිසියම් පාසලට
ඉනිමක ජයක්
ශ්‍රී පඤ්ඤානන්ද පළමු ඉනිම – 103 (ඕවර 54.4) හරිත දිනේන්ද්‍ර 29, සචින්ත සඳරුවන් 23 (සචිර දෙලංකාවල 11/3, අභිලාෂ් සසිධර්ම 24/2, සේතික 2/24, සෙතික බාලසූරිය 27/2) සහ දෙවැනි ඉනිම – 77 (ඕවර 29.1) සචින්ත සඳරුවන් 23, හරිත දිනේන්ද්‍ර 20 (අභිලාෂ් සසිධර්ම 13/6, සචිර දෙලංකාවල 36/2)
නුගේගොඩ ලයිසියම් පළමු ඉනිම – 196 (ඕවර 64) අමනුර් යූසුෆ් 74, සෙතික බාලසූරිය 34 (තාරුක දිනුවර 65/4, දිනෙත් මිහිරංග 9/2)
ඉෂානි යද්දෙහි