Home » හරක් කටා ගැන විමර්ශන කරන සීඅයිඩී නිලධාරීන්ට දේශබන්දු දෙහි කපයි

හරක් කටා ගැන විමර්ශන කරන සීඅයිඩී නිලධාරීන්ට දේශබන්දු දෙහි කපයි

අවශ්‍ය පියවර ගන්න විශේෂ කණ්ඩායම් 3ක්

by mahesh
January 5, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඊට සම්බන්ධ පුද්ගලයන්ට පියවර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යටතේ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් තුනක් පත් කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩ බලන පොලිස්පතිවරයා එම පියවර ගෙන ඇත්තේ හරක් කටා සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමඟ පසුගියදා පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. හරක් කටා නමැත්තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගෙන සිටිමින් විමර්ශන සිදු කළ ද ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් වැඩ බලන පොලිස්පතිවරයා විමර්ශන නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි දැනගන්නට ඇත.

මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල ක්‍රියාකාරකම් මැඬලීම සඳහා පසුගිය මස 17 වැනිදා දින සිට ආරම්භ කර ඇති “යුක්තියේ මෙහෙයුම” මඟින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාලයන් බිඳ දැමීමට සාර්ථක පියවර ගනිමින් සිටින අවස්ථාවක ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන පෙළේ පුද්ගලයන් පිළිබඳ ඉදිරි මාසයක කාල සීමාව තුළ සාධනීය පියවර ගෙන ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බවට ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවට ද වැඩිදුරටත් දැනගන්නට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT