Home » මාලිමාවට රටක් පාලනය ගැන කිසිම අවබෝධයක් නෑ

මාලිමාවට රටක් පාලනය ගැන කිසිම අවබෝධයක් නෑ

by mahesh
January 5, 2024 1:00 am 0 comment

අනාගත ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ගෙවීම පැහැර අරින බවට එහි ඉහළම ආර්ථික විද්‍යාඥයකු වන සුනිල් හඳුන්නෙත්ති විසින් කරන ලද ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ අදහසක් නැති බව යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ද අනාගතයේ ඔවුන්ගේ රජයක් යටතේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු ඩොලර් බිලියන 12 නොගෙවන බවට කලින් අවධාරණය කළ බවත් එය දැන් එහි ඉහළම ආර්ථික විද්‍යාඥ සුනිල් හඳුන්නෙත්ති විසින් නැවත ප්‍රකාශ කර ඇති බවත්ය.

ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත විසින් ලංකා සභා ගර්භයේදී මුලින්ම ප්‍රකාශ කර ඇති අතර දැන් ඔවුන්ගේ ඉහළම ආර්ථික විද්‍යාඥ සුනිල් හඳුන්නෙත්ති විසින් පැහැදිලිවම පුනරුච්ඡාරණය කිරීමෙන් මේ අයට රටක් පාලනය කරන්නේ කෙසේදැයි කිසිසේත්ම අවබෝධයක් නැති බව පෙන්වීම බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT