Home » ලෝක බලවතාගෙන් රුසියාවට සරදමක්

ලෝක බලවතාගෙන් රුසියාවට සරදමක්

by chanaka
January 5, 2024 10:26 am 0 comment

රුසියාව යුක්ක්‍රේනයට එරෙහි යුද්ධයේදී උතුරු කොරියාව විසින් සපයන ලද බැලස්ටික් මිසයිල භාවිත කර ඇති බවට අමෙරිකාව චෝදනා කර සිටියි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී මෙම කාරණය මතු කරන බව අමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා පවසා ඇත. රුසියාවට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිල ලබාගැනීමට උදව් උපකාර කළ අයට අමතර සම්බාධක පැනවීමට පියවර ගන්නා බව ද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට රුසියාව දැනටමත් ක්‍රියා කර ඇත.

අමෙරිකාව මෙම චෝදානා එල්ල කර පැය කිහිපයකට පසුව උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා තිබෙන්නේ මිසයිල එල්ල කිරීමේ උපකරණ නිෂ්පාදනය රට තුළ පුළුල් කරන ලෙසයි.

උතුරු කොරියා නායකයා පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියාවේ සංචාරයක නිරත විය.

එහිදී ආයුධ සපයන බවට රුසියාවට පොරොන්දු වී ඇති බවට අමෙරිකාව මීට පෙරද චෝදනා කළේය.

රුසියාව විසින් උතුරු කොරියාවෙන් ලබාගත් බැලස්ටික් මිසයිල යුක්ක්‍රේනයේ භාවිතා කිරීම “තදින් හෙළා දකින” බව ද අමෙරිකා ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT