Home » ඉරාන බෝම්බ ප්‍රහාරවල වගකීම IS භාර ගනියි

ඉරාන බෝම්බ ප්‍රහාරවල වගකීම IS භාර ගනියි

by chanaka
January 5, 2024 10:50 am 0 comment

ඉරානයේ කෙර්මන් නුවරදී සිදු වූ ද්විත්ව බෝම්බ පිපිරීමේ වගකීම අයි එස් සංවිධානය විසින් භාර ගෙන ඇත.

IS සංවිධානය සිය ටෙලිග්‍රෑම් නාලිකාව හරහා මෙම ප්‍රකාශය කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ටෙහ්රාන් අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 800ක් දුරින් කෙර්මන් නගරයේ පිහිටි හිටපු හමුදා ජෙනරාල්වරයකු වූ කසීම් සොලේමාන්ගේ සොහොන අසල පැවැති සිව්වැනි ගුණානුස්මරණ උත්සවයේදී එම බෝම්බ පිපිරී ගියේය.

එම ප්‍රහාරවලින් 84 දෙනෙක් මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

ඉරානය මුලින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සහ ඇමරිකාව ප්‍රහාරය පිටුපස සිටින්නට ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT