Tuesday, May 13, 2025
Home » යුක්තිය ට තවත් සැකකරුවන් 1184ක් මාට්ටු

යුක්තිය ට තවත් සැකකරුවන් 1184ක් මාට්ටු

by chanaka
January 5, 2024 10:15 am 0 comment

අද (05) අලුයම 12.30ට අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1184 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

එහිදී හෙරොයින් ග්‍රෑම් 337යි මිලිග්‍රෑම් 758ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 242යි මිලිග්‍රෑම් 372ක්, ගංජා කිලෝ 06ක ප්‍රමාණයක් , ගංජා පැළ 7,772 ක්, මාවා කිලෝ 03යි ග්‍රෑම් 694ක්, හෂීස් ග්‍රෑම් 55ක්, මත්පෙති 1,221 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 226ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 1184 දෙනා අතරින් සැකකරුවන් 59 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

එසේම සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 49 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT