ගිය වසරේ ජුනි 30 වැනිදා වන විට හිඟ බදු ආදායම රුපියල් බිලියන 943ක් (කෝටි 94300) බවත් බදු ගෙවිය යුතු බවට හඳුනාගත් බදු හිමියන් පවා බදු ගෙවා නැති බවත් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අනාවරණය වී තිබේ.
හිඟ බදු මුදල්වලින් රුපියල් බිලියන 37ක් මේ වන විට අය කරගෙන ඇති බව ද එම කාරක සභාවේදී හෙළිව ඇත.
මේ අතර විවිධ හේතු මත අය කර ගැනීමට නොහැකිව පවතින බදු මුදල රුපියල් බිලියන 767ක් වන බව ද කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ මේ කාරක සභාවේදී අනාවරණය වී ඇත.
දැනට පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම් පැහැර හැරිය හැකි බැවින් මේ නීති සංශෝධනය සඳහා කඩිනමින් පියවර ගත යුතු බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පවසා තිබේ.