මෙරට පුවත්පත් කලා ක්ෂේත්‍රයේ නොබිඳිය හැකි වාර්තාවක් තබමින් ලංකාදීප පුවත්පතේ තිස්තුන් වසරක් අඛණ්ඩව කර්තෘත්වය හෙබවූ ලංකාදිප හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි සිරි රණසිංහ මහතාගේ ජීවන චරිතය ඇසුරින් නිපදවූ සිරි රණසිංහ රූපාවලෝකන වාර්තා වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සනාතන සභා මණ්ඩපයේ දී ලබන 9 වැනිදා පස්වරු 5.00ට එළිදැක්වේ.
වෘත්තීය පුවත්පත් කලාවේදියකු ලෙස වසර පනහකට අධික කාලයක් කටයුතු කළ සිරි රණසිංහ මහතා ඉන් වසර 33ක්ම විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වන දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය හොබවා ඇත. ඊට අමතරව ඔහු සිරිකත කාන්තා පුවත්පතේ මෙන්ම ඉරිදා ලංකාදීප පුවත්පතේ ද කර්තෘවරයා ලෙස කලක් කටයුතු කළේය.
විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂවරයකු ද වන රණසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස කලක් කටයුතු කළ අතර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
ප්‍රවීණ සිනමාවේදී ක්‍රිෂාන්ත දයානන්ද අධ්‍යක්ෂණය කළ මෙම වාර්තා චිත්‍රපටය නිලාන් ද සිල්වාගේ නිෂ්පාදනයකි.