වැලිවේරිය ඇටිකෙහෙල්ගල්ල දක්ෂිණ පබ්බතාරාම විහාරාධිපති පූජ්‍ය විජිතවංශ හිමියන් දරුණු අක්මා රෝගයකින් පෙළෙන් අතර, උන් වහන්සේගේ ජීවිතය බේරාගැනීමට නම් හදිසි අක්මා බද්ධයක් සිදු කළ යුතු බව ඉන්දියාවේ ‘රැලේ’ රෝහලේ විශේෂඥ වෛද්‍ය ගෝමති නරසිංහම් මහතා ප්‍රකාශ කොට ඇත. මේ අක්මා බද්ධය සඳහා ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි එකහමාරක් පමණ වැය වන බව එම රෝහල දැනම් දී ඇති අතර මේ මුදල පියවාගැනීමට ප්‍රදේශවාසී ජනතාව පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති. උන් වහන්සේට අවශ්‍ය වී ඇත්තේ ‘ඕ’පොසිටිව් වර්ගයේ අක්මාවකි.
මුදල් ආධාර වැලිවේරිය හැටන් නැෂනල් බැංකුවේ ඉහත දැක්වෙන විහාරස්ථානය නමින් ඇති 130020101909 අංක දරන ගිණුමට බැර කළ හැකිය. අක්මාවක් පිරීනැමීමට කැමැති අයකුට 0766309760, 0716884825 අංක මඟින් මැදිරිගිරියේ නන්දවංශ පොඩි හාමුදුරුවන් අමතන මෙන් ඉල්ලා සිටී.