Home » වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ප්‍රවර්ධනයට

වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ප්‍රවර්ධනයට

වික්ටෝරියා රැජනගේ පිළිරුවකුත්

by mahesh
January 5, 2024 1:00 am 0 comment

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ප්‍රවර්ධනය උදෙසා කාර්යක්ෂම ලෙස යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ යටතේ වික්ටෝරියා රැජනගේ ප්‍රතිමාවක් එහි ස්ථාපනය කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙරට උසම වේල්ල ලෙස සැලකෙන වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කරන ලද්දකි. වික්ටෝරියා මහ රැජන සිහිවීම පිණිස ඇගේ නමින් නම් කළ වේල්ල ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වූ මාග්‍රට් තැචර් මහත්මිය විසින් 1985 වසරේදී විවෘත කරන ලදි.

මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිමවෙමින් පවතින අතර එහි වත්මන් තත්ත්වය සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ඊයේ (04) එහි ගියේය. මෙම ස්ථානය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයක් සහිත ස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම තුළින් දේශීය ආර්ථිකයට එමඟින් තවත් ශක්තියක් ලැබෙනු ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT