Home » උද්ඝෝෂණය කරන විදුලි සේවකයන්ට තහනම් නියෝගයක්

උද්ඝෝෂණය කරන විදුලි සේවකයන්ට තහනම් නියෝගයක්

by mahesh
January 5, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කරන එහි සේවකයන්ට මුදල් අමාත්‍යාංශයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04) නියෝගයක් නිකුත් කළේය.

මහජනයාට පීඩාවක් ඇති නොවන ලෙස උද්ඝෝෂණය සිදු කරන ලෙසත් කිසිදු පෙළපාළියකින් ගමන් කර රාජ්‍ය දේපොළවලට අලාභහානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා උද්ඝෝෂකයන්ට නියෝග කළේය. මෙම පිරිස සිදු කරන උද්ඝෝෂණය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට මෙන්ම සාමාන්‍ය මහජනයාට පීඩාවක් සිදු වන බව කොම්පඤ්ඤවීදිය පොලිසිය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය. තෙදිනක් පුරා සිදු කරන මෙම උද්ඝෝෂණයේ දෙවැනි දිනය ඊයේ (04) බව පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර ඊට ලංවිම සේවකයන් පිරිසක් එක්ව සිටින බව ද කියා සිටියේය. ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ඇතුළු වෘත්තිය සමිති නායකයන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම නියෝගය ඉල්ලා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT