Home » ශ්‍රී ලාංකික 56ක් නිදහස් කරගන්න විදේශ ඇමැති වෑයමක
මියන්මාරයේ රඳවාගෙන සිටින 

ශ්‍රී ලාංකික 56ක් නිදහස් කරගන්න විදේශ ඇමැති වෑයමක

by mahesh
January 5, 2024 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ත්‍රස්ත සංවිධානයක් මඟින් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස විදේශ ඇමැති අලි සබ්‍රි මහතා එරට උප අගමැති සහ විදේශ ඇමැති යූ. තන් ස්වේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන තත්ත්වය සහ ඔවුන් නිදහස් කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු ඇමැතිවරයා විසින් මියන්මාර් විදේශ ඇමැතිවරයා සම්බන්ධ කර ගත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මියන්මාරයේ ත්‍රස්ත සංවිධානයක් මඟින් එරට කඳවුරක ශ්‍රී ලාංකිකයන් 56 දෙනකු බලහත්කාරයෙන් රඳවාගෙන සයිබර් වහලුන් ලෙස සේවයේ යොදවා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා ලෙස ද විදේශ ඇමැතිවරයා, මියන්මාර විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT