Home » මත්ද්‍රව්‍ය 300Kg ක් සමඟ ධීවර යාත්‍රාවක් හසුවෙයි

මත්ද්‍රව්‍ය 300Kg ක් සමඟ ධීවර යාත්‍රාවක් හසුවෙයි

by chanaka
January 5, 2024 9:12 am 0 comment

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 කට ආසන්න තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවික හමුදාව ගාල්ලට ආසන්න ගැඹුරු මුහුදේ අද(05) අලුයම කළ විශේෂ මෙහෙයුමකදී ය.

හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් එම ධීවර යාත්‍රාවේ අසුරා තිබී සොයාගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේය.

ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම බහුදින ධීවර යාත්‍රාවේ සිටි 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කැප්ටන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසුවේ, මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් සමඟ ගාල්ල වරායට රැගෙනආ බහුදින ධීවර යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව යි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT