Home » ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරයෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

by chanaka
January 5, 2024 2:53 pm 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදී සහ ග්‍රන්ථ කතුවරයෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වේ.

63 හැවිරිදි වියේ පසුවූ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර සිටිය දී අද (05) උදෑසන මියගොස් ඇත.

1980 දශකයේ දිවයින පුවත්පතින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ප්‍රදීප් කුමාර මහතා පසුව යොවුන් පුවත්පත් කලාවෙන් මහත් කීර්තියකට පත්වූ අයෙකි.

එමෙන්ම නවකතා, ධනාත්මක චින්තන කෘති පරිවර්තන, චරිත කතා ආදී වශයෙන් ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් රචනා කළ අයෙකු ලෙසද ජනාදරයට පත් වූ අයෙකි.

කුමරි,අරලිය ආදී පුවත් පත් කර්තෘ මණ්ඩල වල සේවය කළ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා සඳරේණු ඇතුළු යොවුන් පුවත් පත් ගණනාවක ප්‍රධාන කර්තෘ පදවිය ද හෙබවීය. ඔහු විසින් සම්පාදනය කොට ඇති පුවත් පත් ලිපි විශේෂාංග දහස් ගණනකි.

ගම්පහ පහළගම ප්‍රදේශයේ පදිංචි ඒ මහතාගෙ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT