Home » සීසර්ලා පැහැරගත් මෝටර් රිය ඇල්පිටියේ කුඹුරකට වැටිලා

සීසර්ලා පැහැරගත් මෝටර් රිය ඇල්පිටියේ කුඹුරකට වැටිලා

by mahesh
January 5, 2024 1:00 am 0 comment

ඇල්පිටිය සමූහ - චන්ද්‍රසිරි ගුණසේකර

ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් මූල්‍ය සමාගමක පිරිසක් විසින් පැහැරගෙන යද්දී අනතුරකට ලක්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මූල්‍ය සමාගමේ නිලධාරීන් විසින් මේ පිළිබඳව ඇල්පිටිය පොලිසියේ පැමිණිල්ලක් ද දමා මෝටර් රථය ඊයේ (04) දහවල් අයිතිකරුගෙන් පැහැරගෙන ගොස් තිබේ. එසේ මෝටර් රථය පැහැරගෙන යද්දී ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී වාහනය අනතුරකට ලක්ව කුඹුරකට ධාවනය වී තිබේ. අනතුර සිදුවීමෙන් පසු එහි සිටි අය පලාගොස් ඇති අතර එහි සිටි කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බව ද පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT