78
සූරියපුර ප්‍රදේශයෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා තණ කෑමට මුදාහැර දින ගණනාවක් කොටුවී සිටි ගව රංචුවක් මුදා ගැනීමට සූරියපුර ප්‍රදේශවාසීහු කටයුතු කර ඇත.
එගොඩ මෙගොඩ යාකර කඹ ගැට ගසා ගවයන්ගේ කුරවලින් ෆයිබර් බෝට්ටුවලට සිදුවිය හැකි හානිය අවම කිරීමට තහඩු යොදා සකස් කළ බෝට්ටු යොදා ගෙන මෙම ගවයන් මුදාෙගන ලැබ ඇත. මෙලෙස ගවයන් 32ක් මුදාගත් බව ප්‍රදේශයේ ජනතාව පවසති.
මේ අතර මහවැලි ගඟ වෙරැගල් ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා හින්දු බැතිමතුන්ගේ ඓතිහාසික කෝවිලක් වන වෙරුගල් කෝවිලද ජලයෙන් යට වී ඇත. මේ නිසා දෛනිකව සිදු කරන දේව පූජාවන්ට බාධා එල්ල වී තිබේ. මේ නිසා බැතිමතුන්ගේ පැමිණීම තාවකාලිකව නවත්වා තිබේ.